This text was part of an address delivered at the Creative Writing Program of the University of Philadelphia, September 2005.
Fiction and the Dream John Banville
A man wakes in the morning, feeling light-headed, even somewhat dazed. Standing in the curtained gloom in his pyjamas, blinking, he feels that somehow he is not his real, vital, fully conscious self. It is as if that other, alert version of him is still in bed, and that what has got up is a sort of shadow-self, tremulous, two-dimensional. What is the matter? Is he “coming down with something”? He does seem a little feverish. But no, he decides, what is afflicting him is no physical malady. There is, rather, something the matter with his mind. His brain feels heavy, and as if it were a size too large for his skull. Then, suddenly, in a rush, he remembers the dream.
It was one of those dreams that seem to take the entire night to be dreamt. All of him was involved in it, his unconscious, his subconscious, his memory, his imagination; even his physical self seemed thrown into the effort. The details of the dream flood back, uncanny, absurd, terrifying, and all freighted with a mysterious weight—such a weight, it seems, as is carried by only the most profound experiences of life, of waking life, that is. And indeed, all of his life, all of the essentials of his life, were somehow there, in the dream, folded tight, like the petals of a rosebud. Some great truth has been revealed to him, in a code he knows he will not be able to crack. But cracking the code is not important, is not necessary; in fact, as in a work of art, the code itself is the meaning.
He puts on his dressing gown and his slippers and goes downstairs. Everything around him looks strange. Has his wife’s eyes developed overnight that slight imbalance, the right one a fraction lower than the left, or is it something he has never noticed before? The cat in its corner watches him out of an eerie stillness. Sounds enter from the street, familiar and at the same time mysterious. The dream is infecting his waking world.
He begins to tell his wife about the dream, feeling a little bashful, for he knows how silly the dreamed events will sound. His wife listens, nodding distractedly. He tries to give his words something of the weight that there was in the dream. He is coming to the crux of the thing, the moment when his dreaming self woke in the midst of the dark wood, among the murmuring voices. Suddenly his wife opens her mouth wide—is she going to beg him to stop, is she going to cry out that she finds what he is telling her too terrifying?—is she going to scream? No: she yawns, mightily, with little inward gasps, the hinges of her jaws cracking, and finishes with a long, shivery sigh, and asks if he would like to finish what is left of the scrambled egg.
The dreamer droops, dejected. He has offered something precious and it has been spurned. How can she not feel the significance of the things he has been describing to her? How can she not see the bare trees and the darkened air, the memory of which is darkening the very air around them now—how can she not hear the murmurous voices, as he heard them? He trudges back upstairs to get himself ready for another, ordinary, day. The momentous revelations of the night begin to recede. It was just a dream, after all.
But what if, instead of accepting the simple fact that our most chaotic, our most exciting, our most significant dreams are nothing but boring to others, even our significant others—what if he said to his wife, All right, I’ll show you! I’ll sit down and write out the dream in such an intense and compelling formulation that when you read it you, too, will have the dream; you, too, will find yourself wandering in the wild wood at nightfall; you, too, will hear the dream voices telling you your own most secret secrets.
I can think of no better analogy than this for the process of writing a novel. The novelist’s aim is to make the reader have the dream—not just to read about it, but actually to experience it: to have the dream; to write the novel.
Now, these are dangerous assertions. In this post-religious age—and the fundamentalists, Christian, Muslim and other, only attest to the fact that ours is an age after religion—people are looking about in some desperation for a new priesthood. And there is something about the artist in general and the writer in particular which seems priest-like: the unceasing commitment to an etherial faith, the mixture of arrogance and humility, the daily devotions, the confessional readiness to attend the foibles and fears of the laity. The writer goes into a room, the inviolable domestic holy of holies—the study—and remains there alone for hour after hour in eerie silence. With what deities does he commune, in there, what rituals does he enact? Surely he knows something that others, the uninitiates, do not; surely he is privy to a wisdom far beyond theirs.
These are delusions, of course. The artist, the writer, knows no more about the great matters of life and the spirit than anyone else—indeed, he probably knows less. This is the paradox. As Henry James has it, we work in the dark, we do what we can, we give what we have, the rest is the madness of art. And Kafka, with a sad laugh, adds: The artist is the man who has nothing to say.
The writer is not a priest, not a shaman, not a holy dreamer. Yet his work is dragged up out of that darksome well where the essential self cowers, in fear of the light.
I have no grand psychological theory of creativity. I do not pretend to know how the mind, consciously or otherwise, processes the base metal of quotidian life into the gold of art. Even if I could find out, I would not want to. Certain things should not be investigated.
The dream world is a strange place. Everything there is at once real and unreal. The most trivial or ridiculous things can seem to carry a tremendous significance, a significance which—and here I agree with Freud—the waking mind would never dare to suggest or acknowledge. In dreams the mind speaks its truths through the medium of a fabulous nonsense. So, I think, does the novel.
The writing of fiction is far more than the telling of stories. It is an ancient, an elemental, urge which springs, like the dream, from a desperate imperative to encode and preserve things that are buried in us deep beyond words. This is its significance, its danger and its glory.
end
ප්‍රබන්ධ හා ස්වප්නය
සිතේ සැහැල්ලුවෙන් හා තෝන්තුවෙන් ඔහු උදෑසනින්ම අවදිවෙනවා. ඇසිපිය පොඩි කරමින්, නිදි ඇඳුමෙන් ම ඔහු ජනෙල් තිර අතරින් සිට ගන්නවා. ඒත් ඔහුට දැනෙනවා ඒ සිටින්නේ සැබෑ ඔහු නොවන බව, සම්පුර්ණ සචේතන මිනිසා නොවන බව, එනම් හරියටම ඔහුගේ ප්‍රකෘති ස්වරුපය තවමත් නිදි යහනේ සිටින්නා සේ ඔහුට දැනෙනවා. හරියටම කියනවනම් සෙලවෙන පැති දෙකක් ඇති සෙවනැල්ලක් වගේ තමයි ඔහු අවදිවෙලා ඉන්නේ. මේ කුමක්ද සිදු වී ඇත්තේ ? ඔහු “කුමක් හෝ දෙයක් සමඟ කඩා වැටෙමින් ද මේ සිටින්නේ?“ ඔහුට දැනෙනවා ඔහුගේ ශරීරය මදක් උණුසුම් වෙලා වගේ කියලා. ඒත් නැහැ. ඒක නෙවෙයි. ඔහු ස්ථිර කර ගන්නවා, ඔහුට සෑදී ඇත්තේ ශාරීරික අසනීපයක් නොවන බව. මේ අසනීපය, ඔහුගේ චෛතසිකය හා බැදුණු දෙයක් බව. ඔහුගේ හිස බරවෙනවා, හරියටම කියනවනම් හිසට වඩා හිස් කබල විශාලයි වගෙයි ඔහුට දැනෙන්නේ. එ සැණින් ම ඔහුට සිහිපත් වෙනවා ඔහුගේ ස්වප්නය.
රාත්‍රිය පුරා ම දකින්න උවමනා වුණු සිහිනයක් ඒක. ඔහුගේ මුළු ආත්මය ම ඒ තුළ යි තිබුණේ, අවිඥානය, උපවිඥානය, මතකය, පරිකල්පනය මේ හැමදේම; එපමණක් නෙවෙයි ඔහුගේ භෞතික ශරීරය තුළ පවා තිබුණේ ඒ සිහිනය. සිහිනයේ විස්තර ගලාගෙන එන්න පටන් ගන්නවා, ගුප්ත, අභූත, පුදුමාකාර, භයංකර, ගැඹුරු දර්ශන පෙළක් සමගින් එය මැවී පේනවා. තමන්ගේ ජීවිතය අවදි කරනවා වගෙයි ඔහුට දැනෙන්නේ. ඇත්තටම කියනවා නම්, ජිවිතයට අත්‍යවශ්‍ය ගැඹුරු අත්දැකීම් සියලු ම දේවල් ඒ සිහිනයේ ගුළි වෙලා තිබුණා. ඒක හරියට රෝස පොහොට්ටුවක පෙති එකට ඇලිලා තියෙනවා වගේ. ඒ එක්කම මොකක්දෝ පරම සත්‍යයක් ඔහු ඉදිරියේ දිගහැරෙන්න ගත්තා. ඔහුට අවබෝධ වුණා, ඒ සත්‍යය ගැබ් වුණු සංකේතය බිද දමන්න නොහැකි බව. ඒ වගේ ම ඒ සංකේතය බිද දැමීම වැදගත් හෝ අවශ්‍යය නැති බව. ඇත්තවශයෙන්ම, මොකක් හරි කලා කෘතියක වගේ, ඒ සංකේතය තුළ ම එහි අර්ථය තිබුණා.
ඔහු ඔහුගේ පාවහන් පැළදගෙන බැනියමක් ඇදගෙන පහතමාලයට බසිනවා. ඔහුට දැනෙනවා ඔහු වටා ඇති සියලු දේවල්වල අමුත්තක්, මොකක් ද මේ, බිරිදගේ ඇස්වල අසමානතාවක් වෙලාද, දකුණු ඇහැ වම් ඇහැට වඩා පහළින් වගේද? එහෙමත් නැත්නම් ඔහු ඒ වෙනස මීට පෙර දැකලා තිබුණේ නැති ද? මුල්ලක ඉන්න පූසා ඔහු දෙස බලන්නේ බයෙන් ගල් ගැහිලා වගේ. වීදියෙන් එන හඬ නම් හුරු පුරුදුයි. ඒත් ඒ එක්ක ම ඒ හඬ නපුරුයි, ගුප්තයි වගේ ඔහුට දැනෙනවා. මේ සිහිනය ඔහුගේ ප්‍රකෘති ලෝකය පුරා ම පැතිරිලා, ඔහුව ගිලන් කරවනවා.
ඔහුගේ සිහිනය ගැන ඔහු බිරිඳට පවසනවා. ඒ, පුංචි ලැජ්ජාවක් සහ පැකිලිමක් එක්ක. මොකද ඔහු දන්නවා, සිහින දකිනවා වගේ නෙවෙයි සිහිනවලට ඇහුම්කන් දෙන එක තේරුමක් නැති දෙයක් බව. ඒත් බිරිඳ ඔහුගේ සිහිනයට සවන් දෙනවා, හිස සොලවමින් කිසිම අවධානයක් නැතුව ම. ඔහු උත්සාහ ගන්නවා, ඔහුගේ වචනවලට සිහිනයේ ගැඹුරු බව හා වැදගත්කම එක්කරන්න. සිහිනයේ වැදගත් ම හා බරපතල ම මොහොත ඔහු ඇයට පවසනවා. ඒ, සිහිනය දකිමින් සිටි ඔහුගේ ආත්මය, මිමිනුම් ශබ්දවලට සවන් දෙමින්, අඳුරු කැලයක සිටිය මොහොත. එක්වරම ඔහුගේ බිරිඳ ඇයගේ මුව විශාල ලෙස විවර කරනවා. ඇය පවසන්න යන්නේ ඔහුගේ සිහිනය නතර කරන්න කියල ද? ඇය පවසන්න සුදානම් වෙන්නේ ඔහුගේ සිහිනය බියකරුයි කියලා කෑ මොරදෙන්න ද? නැහැ. ඇය ඈනුමක් අරිනවා. ලොකු ඈනුමක්. හක්ක ඉරිතලන තරම් අමාරුවෙන් හුස්ම අරගෙන. ඇයගේ ඈනුම අවසන් වෙන්නේ දිග සිසිල් සුසුමක් සහ බැදපු බිත්තරවල ඉතිරි ටික කන්න කැමතිද කියලා ඔහුට යොමු කරපු ප්‍රශ්නයක් සමගින්.
අධෛර්යයෙන් ඔහුගේ මුහුණ මැලවෙනවා. ඔහු උත්සාහ කළේ උතුම් දෙයක් ඇයට පූජා කරන්න. එහෙත් ඇය පිළිකුලෙන් එය ප්‍රතික්ෂේප කරලා. ඇයට කොහොමද නො වැටහෙන්නේ ඔහු පවසන දෙයෙහි ඇති විශේෂත්වය? කොහොමද ඇයට නො පෙනෙන්නේ කැලෑවේ තිබුණ පාළු වුණු ගස්, අඳුරු සුළං? ඒවායේ මතකය මේ මොහොතේත් මුළු ප්‍රදේශයම කළුවර කරනවා. ඇයට කොහොමද මිමිනුම් හඬ නෑසෙන්නේ, ඔහුට දැනුණු ලෙසට? ඔහු සෙමෙන් සෙමෙන් නැවතත් උඩුමහලට යනවා, වෙනදා වගේ සාමාන්‍ය දවසකට සුදානම් වෙන්න. රාත්‍රියේ සුන්දර මතකය වැළලී යනවා. ඒක නිකම්ම නිකම් සිහිනයක් පමණයි. ඒත් ඔහු ඔහුගෙන් ම මෙහෙම විමසනවා: අපිට වැදගත් ම, අපිට සුන්දර ම, අපිට ම ව්‍යාකුල වුණු සිහින, තව කෙනෙකුට හිස් නීරස දේවල් කියලා ඒවා පිළිගන්නේ නැතිව සිටියෝතින් කොහොමද. මම බිරිඳට මේ විදියට පැවසුවා නම් කොහොම වේවි ද, ”හරි. මං ඔයාට පෙන්වන්නම්. මං වාඩිවෙලා මගේ හීනේ ලියන්නම්. ගැඹුරු විදිහට, හැගීම් උපද්දවන විදිහට, ලස්සනට. ඔයත් හෙමින් හෙමින් ඒ ගොම්මනේ ඒ ඝන වනාන්තරයේ ඉන්නවා කියලා එතකොට ඔයාටත් දැනේවී. ඔයාටත් ඇහේවී එතකොට ඒ හීනේ තිබුණු මිමිනුම් හඬවල්. ඒවා ඔයාට කියාවි ඔයාගෙම අතිශය රහස්‍ය වූ රහස් ”.
නව කථාවක් ප්‍රබන්ධ කිරීමේ කාර්යයට මීට වඩා සුදුසු සංසන්දනයක් ඇතියි මම නොසිතමි. නවකතාකරුවාගේ අරමුණ විය යුත්තේ පාඨකයාට සිහිනය අයිති කරගැනීමට සැලැස්වීමයි. නිකම්ම නිකම් නවකතාව කියවීමට සැලැස්වීමට වඩා සිදුකළ යුතුවන්නේ ඇත්තටම එය විදින්නට -- සිහිනය සතු කරගන්නට -- නවකතාව ප්‍රබන්ධ කිරීම යි.
අද දිනයේ මේවා භයානක අනතුරුදායක ප්‍රකාශ ලෙස සැලකේ. පශ්චාත් ආගමික යුගයේදී -- සහ මූලධර්මවාදීන්, ක්‍රිස්තියානුවන්, මුස්ලිම්වරුන් හෝ අනෙක් ආගම් අදහන්නන්, සලකන්නේ අපේ කාලය පශ්චාත් ආගමික යුගයක් ලෙසයි. මිනිසුන් අසරණ ලෙසින් උත්සාහ දරන්නේ නව පූජකත්වයක් සොයා ගැනීමට ය. පොදුවේ ගතහොත් කලාකරුවාගේත්, විශේෂයෙන් රචකයා තුළත්, ඇති විශේෂත්වය වන්නේ ඔවුන් තුළ ඇති පූජනිය බවයි. එනම්, ඉතා සියුම් විශ්වාසයක් සදහා වූ අනවරත කැපකිරීම, අභිමානය කැටි වූ නිරහංකාරත්වය, දිනපතා සිදුකරන්නා වූ ආත්ම පරිත්‍යාගය සහ මිනිසුන්ගේ දෝෂ සහගත, බියසුළු බවට උවැටන් කිරීමට ඇති පාපොච්චාරණාත්මක සූදානම හා කැමැත්තයි. රචකයා කාමරයක් තුළට ඇතුළුවෙනවා. කෙළෙසී නැති, ගෘහස්ත, ශුද්ධත්ව කුටියකට -- පොත්ගුලකට --, පැය ගණනාවක් ඒ තුළට වී, එහි ඇති ගුප්ත නිහඬබව තුළ ඔහු ජිවත් වෙනවා. ඔහු ඒ තුළ ජිවත් වෙන්නේ කුමන දේවතාවුන් සමඟද ? කුමන පුද පූජා ඇදහිලි ද ඔහු එහි දී පවත්වන්නේ? ස්ථිරව ම ඔහු දන්නවා අනෙක් අය නොදන්නා දෙයක්. අත්දැකීම් හෝ දැනීම් රහිත මිනිසුන් නොදන්නා යමක්. ස්ථිර වශයෙන් ම ඔහුට ම පෞද්ගලික වූ, අන් අයෙකුගේ ප්‍රඥාවෙන් ඔබ්බට ගිය, ඔවුන්ගේ ප්‍රඥාවට ගෝචර නොවුණු යමක්.
ඇත්තෙන්ම මේ සියල්ල මායාවන් ය. මිත්‍යා විශ්වාසයන් ය. ජීවිතය ගැන හෝ, ආත්මය ගැන හෝ, අනෙකුත් මිනිසුන් දන්නා දේවල්වලට වඩා වැඩි යමක්, කලාකරුවාත් රචකයාත් නොදනී. ඇත්ත වශයෙන්ම කියනවා නම් ඔවුන්ගේ දැනීම බොහෝවිට ඊට අඩුයි. මෙය තමයි තේරුම් ගැනීමට දුෂ්කර දෙය, විරෝධාහාසය. හෙන්රි ජේම්ස් දක්වන ලෙසට, අපි අඳුරේ වැඩ කරනවා, අපිට හැකි දෙය අප ඉටුකරනවා, අපට දිය හැකිදේ අප දෙනවා. ඉතිරි සියල්ල කලාවේ භයානකවුත්, අඥානවුත් ස්වභාවය යි. එනම් කලාවේ වියරුව යි. දුක්බර වූ සිනහවකින් යුක්තව, කෆ්කා ඒ අර්ථකථනයට තවත් යමක් මෙලෙස එකතු කරනවා. කලාකරුවා යනු කිසිවක් පැවසීමට නැති මිනිසාය.
රචකයා යනු පුජකයකු හෝ යකදුරකු හෝ ශුද්ධවන්ත සිහින දකින්නකු හෝ නොවේ. එහෙත්, ඔහුගේ කෘතීන් අදුරු පැහැති ගැඹුරු වළකින් ගොඩගත් ඒවා මෙන්ය; ආලෝකයට බියෙන්, හැකිළෙමින් එම ගැඹුරු ආගාධයේ තිබෙන ආත්මය ගොඩගන්නා වැනි ය.
මා තුළ නිර්මාණශිලිත්වය පිළිබද උසස් මනෝ විද්‍යාත්මක සංකල්ප නැත. සවිඥානක හෝ වෙනත් වූ ආකාරයකට හෝ මනස විසින් දෛනික ජිවිතයේ පදනම සකස් කරනු ලබන ආකාරය මම දන්නවා යැයි, මා අගවන්නේද නැත. එසේ දැනගත්තද මට එය පෙන්වීමට උවමනාවක් ද නැත. සමහර දේවල් සම්බන්ධව විමර්ශනය නොකළ සිටිය යුතු ය.
සිහින ලෝකය පුදුමාකාර ය. සියලු දේ විටෙක මනංකල්පිත ය. තවත් විටෙක සැබෑවක් ය. නොවැදගත් ම හෝ උපහාසාත්මක ම දේවල් තුළ ද අති විශාල සුවිශේෂත්වයක් ඇත. මෙහිදී මම ෆ්‍රොයිඩ් හා එකග වෙමි. අවදි වූ මනසට (ප්‍රකෘති මනසට) කිසිවිටෙක අදහසක් ඉදිරිපත් කිරීමට හෝ ඒත්තු ගැන්වීමට ධෛර්යයක් නොමැත. මනස වූකලි, අපූර්ව, අර්ථශුන්‍ය (මනස්ගාත) මාධ්‍යයක් තුළින්, සිහින තුළින්, සත්‍ය දිගහරින්නකි. මට හැගෙන්නේ, එය එසේම නවකතාව තුළ ද සිදුවන බවයි.
ප්‍රබන්ධයක් රචනා කිරීම තුළ කථාවක් කියනවාට වඩා එයින් ඔබ්බට ගිය වැඩි යමක් ගැබ් වී ඇත. එය, කාලයක් තිස්සේ පැවතුණු, ඉතා ශක්තිමත්, යටපත් කළ නොහැකි වූ, බලවත් ප්‍රාර්ථනාවක් වැනිය - චිරන්තන අභිලාෂයක් වැනිය. සිහිනය වගේ, ඒ අභිලාශය බුබුළු දමමින් ගලා එයි. මක්නිසාද යත්, වචනවලින් ප්‍රකාශ කරගත නො හැකි ව මිහිදන් වී තියෙන දෑ ආරක්ෂා කරගැනීමටත් ගොනු කර ගැනීමටත් ඇති බලගතු අවශ්‍යතාව එම අභිලාෂය වන බැවිනි. ඒක තමයි සිහිනයේ විශේෂත්වය, භයංකාරත්වය හා රමණීයත්වය වන්නේ.